2026-07-25 16:50:00 Hours

ජනපති නොසිටියත් ජනපති මන්දිරවල 3,089ක් නවාතැන් අරන්


...

2025 වසරේ දී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයින් 3089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බව එම කාර්යාලය නිකුත් කළ නවතම වර්තාවක සඳහන් වනවා.

ජනාධිපති මන්දිර හතේ විදුලිය, දුරකථන ඇතුළු අනෙක් පහසුකම් සඳහා එම වසරේ දී වැයකර ඇති මුදල රුපියල් 32,982,675කි.

කතරගම, බෙන්තොට සහ මහියංගන මන්දිරවල 2025 වසරේ දී කිසිඳු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදුකර නොමැති බව එම වාර්තාවේ සඳහන් වනවා.

කෙසේ වෙතත් එම වසරේ දී විදුලිය, දුරකථන ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2447754ක් දරා තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk