2026-06-24 14:46:00 Hours
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු බන්ධනාගාර භූමියේ ඇති පුස්තකාල, ලේඛනාගාර ඇතුළු කාර්යාල කිහිපයක් පිරිසිදු කිරීමේ කටයුතුවල මේ දිනවල නිරත වන බවයි.
ඒ මහතා 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී සිදුවූ මුල්‍ය අක්‍රමිකතා හතරකට වරදකරු වීම හේතුවෙන් පසුගියදා බන්ධනාගාර ගත කෙරුණා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ මෙම නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා නියෝග කළේ චෝදනා හතරටම වෙන් වෙන්ව බරපතළ වැඩ සහිත වසර 4 බැගින් සමස්තයක් ලෙස වසර 16 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඔහුට පනවන ලෙසයි.
තවද රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක් ද අධිකරණය විසින් සරණ ගුණවර්ධන මහතාට නියම කළා.
1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව “දූෂණය” යන වරද යටතේ ඔහුට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබුණා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අක්‍රමවත් ලෙස වාහන කුලියට ලබාගනිමින්, රජයේ සහ මහජන මුදල් අවභාවිත කරමින් අයුතු වාසි ලබාදීම මෙමඟින් ඔප්පු වී ඇත.
කෙසේ වුවද, ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමෙන් පසුව බන්ධනාගාර පුස්තකාලය සහ ලේඛනාගාරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඔහුව මෙලෙස අනුයුක්ත කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk