2026-07-23 13:20 Hours

ඉන්දියාවේ තරුණ විරෝධතා උග්‍ර වෙයි - පොලීසියෙන් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර


...

ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ඉල්ලමින් නවදිල්ලි නුවර පැවැත්වෙන තරුණ විරෝධතා තවදුරටත් උග්‍ර වී තිබෙනවා.

විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඊයේ (22) යළිත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය මැයි මාසයේ සිසුන් මිලියන දෙකකට ආසන්න පිරිසකට බලපෑ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට වගකිව යුතු බව පවසමින් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා මෙම විරෝධතා ආරම්භ කර තිබෙනවා.

"Cockroach Movement" ලෙස හැඳින්වෙන මෙම විරෝධතාව සඳහා දස දහසකට අධික පිරිසක් නවදිල්ලියේ ජන්තර් මන්තර් විරෝධතා භූමියට රැස්ව සිටි බව සඳහන්.

විරෝධතාකරුවන්ගෙන් පිරිසක් පොලීසිය වෙත ගල් සහ ප්ලාස්ටික් බෝතල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් නවදිල්ලිය මධ්‍යයේ පිහිටි මෙට්‍රෝ දුම්රිය ස්ථාන 16ක් දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

මේ අතර, විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ ද විරෝධතාකරුවන්ට සහාය පළ කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වන තෙක් අරගලය නතර නොකරන බව විරෝධතා සංවිධායකයන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk