2026-07-22 08:21 Hours

දෙවුන්දර - දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට වෙඩි ප්‍රහාරයක්


...

මාතර, දෙවුන්දර දෙවිනුවර ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (22) අලුයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

දෙවුන්දර දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් වී නැහැ.

ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර දෙවිනුවර පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk