2026-07-21 17:13 Hours
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබෙනවා.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ 2026 ජූලි 5 සහ 6 දෙදින මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත්, තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමත් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සිය වගකීම් නිසි ලෙස ඉටු නොකළ බවට චෝදනා කරමින්.
විශ්වාසභංග යෝජනාවේ සඳහන් වන්නේ, 2024 අංක 2412/08 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව අධිකරණ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, බන්ධනාගාර පරිපාලනය සහ ප්‍රතිසංස්කරණය, යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම බන්ධනාගාර තදබදය අවම කිරීම ඇතුළු වගකීම් ප්‍රමාණවත් ලෙස ඉටු කර නොමැති බවයි.
ඒ අනුව බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා දේශපාලන වශයෙන් වගකිව යුතු බව ද එහි අවධාරණය කර තිබෙනවා.
මෙම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ අත්සන් ලැබී ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk