2026-09-17 18:22 Hours
දෙමටගොඩ කළුපාලම තුළදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, සිය ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී අදාළ පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණද, එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව හෝ ඊට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk