2026-08-20 12:23:00 Hours
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහන කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවන තුරු අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන කල්දමන ලෙස අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම කාලෝචිත යෝජනාවක් බවද එම සංගමය සඳහන් කර තිබෙනවා.
එය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බැවින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගනු ඇතැයි අපේක්ෂා කරන බවද නීතිඥ සංගමය පවසනවා.
එවැනි අවස්ථාවක් ලබාදීම තුළින් නීතිඥ සංගමය ඉදිරිපත් කරන කරුණු සහ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව මන්ත්‍රීවරුන්ට වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට හැකිවනු ඇති බවද එම ලිපියේ සඳහන්.
කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුවේ පැවති කටයුතු සහ රජය ප්‍රකාශයට පත් කර ඇති ස්ථාවරය අනුව, මේ සම්බන්ධයෙන් දැනට කිසිදු එකඟතාවක් නොමැති බව පෙනී යන බවද නීතිඥ සංගමය පෙන්වා දී තිබෙනවා.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය දැඩි විරෝධය පළ කර තිබුණද, මෙම දැනුවත් කිරීමේ සැසිය මඟින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද අදාළ කරුණු අපක්ෂපාතීව සලකා බැලීමට අවස්ථාවක් ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk