2026-09-02 17:10:00 Hours
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවයි සඳහන් වන්නේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු 09 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා.
ඊට සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 73,723ක් ලෙස මුළු සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk