2026-09-02 13:09:00 Hours

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්


...

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ‘දිනන දකුණ’ සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සංවිධානය චෝදනා කරන්නේ, මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාදයක් වන දීමනා මහජන යහපත සඳහා යොදා ගැනීම වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමකට තැන්පත් කිරීම මගින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ‘දිනන දකුණ’ සංවිධානය විසින් අද උදෑසන අල්ලස් කොමිසම වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එහිදී ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 දෙනාම කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසත්, පක්ෂයට අදාළ බැංකු ගිණුම් පරීක්ෂා කර විමර්ශනයක් සිදුකරන ලෙසත් ඇතුළු කරුණු පහක් යටතේ අල්ලස් කොමිසමෙන් ඉල්ලීම් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk