2026-09-02 12:31:00 Hours

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයයි


...

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළදී ඔහු මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇති බවයි.

මියයන විට එරාජ් ප්‍රනාන්දු මහතා 57 වන වියෙහි පසුවුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරග කළ ඒ මහතා 2014 වසරේදී හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්වුණා.

අනතුරුව 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව දෙවන වරටත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk