2026-08-07 19:12:00 Hours
මෙරට බන්ධනාගාරවල පවතින තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙහිදී දිවයිනේ බන්ධනාගාර 33ම ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් අවධානයක් යොමු වූ බව වාර්තා වනවා.
රැඳවියන් මුහුණ දෙන ගැටලු, ඔවුන්ගේ සුබසාධන අවශ්‍යතා සහ හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව, බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු පාර්ශ්ව එක් කරගත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ලබන සතියේ සිට සියලු බන්ධනාගාර 33 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එම යාන්ත්‍රණය යටතේ රැඳවියන් සමඟ ද සෘජු සාකච්ඡා පවත්වා ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන විසඳුම් ලබාදීමට කටයුතු කරන බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk