2026-08-07 15:03 Hours
කොළඹ පිහිටි පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස අවට ප්‍රදේශය ජංගම දුරකථනයකින් වීඩියෝගත කළ පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වීඩියෝගත කිරීම සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි සැකකරු පොලිස්පතිවරයාගේ නිල නිවස අසල රථය නවතා වීඩියෝගත කරමින් සිටින අයුරු එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුගේ නිරීක්ෂණයට ලක්ව ලක්ව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අදාළ නිලධාරියා විසින් රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු දැනුවත් කර ඇති අතර, ඔහු කොළඹ හදිසි ඇමතුම් අංශය වෙත ඒ පිළිබඳ තොරතුරු ලබාදී තිබෙනවා.
එම දැනුම්දීම මත ක්‍රියාත්මක වූ කුරුඳුවත්ත පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ නිල නිවස සහ ඒ අවට මාර්ග මෙන්ම අගවිනිසුරුවරයාගේ නිල නිවස හා ඒ අවට ප්‍රදේශ ද වීඩියෝගත කර තිබූ බව පොලීසිය පැවසුවා.
මූලික ප්‍රශ්න කිරීම්වලදී එය විනෝදාංශයක් ලෙස සිදු කළ බව සැකකරු ප්‍රකාශ කර ඇතත්, දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සිය පදිංචි ස්ථානය ඇතුළු කරුණු සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු අළුබෝමුල්ල, අරුග්ගොඩ, නිවුඩාව පාර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk