2026-08-07 18:00:00 Hours

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කරයි


...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා සංශෝධනය කිරීම ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර ඇති එම පනත් කෙටුම්පත අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වාත් සංශෝධනය කර ඇති බව සඳහන්.

එමෙන්ම අගවිනිසුරුවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන්ද නව විධිවිධාන ඇතුළත් කර ඇති අතර, වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත්වූ දින සිට වසර 6ක කාලයක් සම්පූර්ණ වන දිනය යන අවස්ථා දෙකෙන් කලින් එළැඹෙන දිනයේදී අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු බව එහි සඳහන් වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk