2026-08-03 11:26:00 Hours

මහ වැසි සමඟ ප්‍රදේශ රැසකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි


...

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑමේ පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත යන ප්‍රාදේශීය කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටින්තොට සහ අරණායක,නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර,රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට යන අදියර 2 යටතේ අවධානයෙන් සිටින්න (ඇම්බර්) පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර අදියර 1 යටතේ විමසිලිමත්ව සිටිය යුතු ප්‍රදේශ,

මහනුවර දිස්ත්‍රික්කය පන්විල සහ මැදදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය දෙහිඕවිට සහ දැරණියගල

රත්නපුර දිස්ත්‍රික්කය නිවිතිගල සහ කුරුවිට

එම නිවේදනය අද (03) උදෑසන 9 සිට හෙට (04) උදෑසන 9 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ ඉදිරි දින කිහිපය තුළ වර්ෂාව පවතින බැවින් අනතුරුදායක ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

පසුගිය දිට්වා දිට්වා කාලයේ ඇතිවූ අනතුරුදායක ස්ථානවල ජනතාව ජීවත් වනවා නම් මෙම දිනවල පවතින වර්ෂාපතනයත් සමඟ එම ස්ථානවලින් ඉවත් වී ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙසද ඔවුන් වැඩිදුරටත් පවසනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk