2026-08-03 10:59 Hours
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 86,386 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වනවා.
අගෝස්තු මාසයේ ගත වූ මුල් දින කිහිපය තුළ පමණක් නව ඩෙංගු ආසාදිතයින් 1,034 දෙනෙකු වාර්තා වී ඇති අතර, මේ වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදීයි. එහිදී රෝගීන් 29,978 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඊට පෙර ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 21,533 දෙනෙකුත්, මැයි මාසයේදී රෝගීන් 8,590 දෙනෙකුත් වාර්තා වී ඇත.
දිස්ත්‍රික්ක අනුව වැඩිම ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය රෝගීන් 18,321ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,101ක්, මහනුවරින් 6,032ක්, මාතරින් 5,848ක් සහ කළුතරින් 5,633ක් වාර්තා වී තිබෙනවා. අඩුම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී, සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.87ක්, එනම් රෝගීන් 45,675 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දකුණු පළාත රෝගීන් 12,969ක් සමඟ දෙවන ස්ථානයේත්, මධ්‍යම පළාත රෝගීන් 7,567ක් සමඟ තෙවන ස්ථානයේත් පසුවනවා.
පවතින තත්ත්වය හේතුවෙන් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 137ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
මේ අතර, මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 62ක් වාර්තා වී ඇති අතර, රෝගී මරණ අනුපාතිකය සියයට 0.07ක් ලෙස සටහන් වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk