2026-08-03 12:54:00 Hours
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම සමඟ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ට ගංවතුර සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.
එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසන්නේ මහවැලි ගංගා ද්‍රෝණියේ පිහිටා ඇති සරසවි නේවාසිකාගාරවල වෙසෙන සිසු සිසුවියන් පවතින අවදානම් තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා අතිශය විමසිලිමත් විය යුතු බවයි.
ඊයේ (02) රාත්‍රියේ සිට ප්‍රදේශයට නොකඩවා ඇඳ හැලෙන තද වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ජල මට්ටම ඉහළ යාම සමඟ පේරාදෙණිය කළු පාලම අසල පිහිටි පාලම් ප්‍රතිසංස්කරණ වැඩබිම ද ජලයෙන් යටවී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් යන්ත්‍ර සුත්‍ර රැසක් ජලයෙන් යටවී ඇති බවත් සැඩ ජල පහරට හසුවූ ඇතැම් උපකරණ සහ ද්‍රව්‍ය ගඟ පහළට ගසාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk