2026-09-16 18:28:00 Hours
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග මහතාගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් Turkish Airlines ආයතනය කනගාටුව පළ කර තිබෙනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (15) අමාත්‍යාංශ නිලධාරීන් සහ Turkish Airlines නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදී එම ආයතනය කනගාටුව පළ කළ බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආයතනික විමර්ශනයක් සිදුකර, හානිය පිළිබඳ නිසි ඇගයීමක් සිදුකිරීමටත්, එම හානිය සඳහා කඩිනමින් ප්‍රතිපූරණය ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමටත් එහිදී එකඟ වී තිබෙනවා.
රුමේෂ් තරංග මහතා හංගේරියාවේ පැවති වර්ල්ඩ් ඇත්ලටික් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඊයේ (15) අලුයම යළි දිවයිනට පැමිණියා.
කෙසේ වෙතත්, ඔහු තරග සඳහා භාවිත කළ හෙල්ල පහම ගුවන් ගමනේදී කැඩී හානි වී තිබීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් යොමුවුණා.
වාර්තා වූ පරිදි එම හෙල්ල පහෙහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්නයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk