2026-09-17 08:10:00 Hours
මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් වාහන කිහිපයක ගැටීමෙන් අද (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අනතුරින් 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු සහ 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
ඔවුන් ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ මෝටර් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථ 3ක සහ යතුරුපැදි 4ක එකපිට එක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුරත් සමඟ ප්‍රදේශවාසීන් මැදිහත්වී තුවාලකරුවන් කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk