2026-09-06 10:25 Hours
කොස්ගොඩ ප්‍රදේශයේදී අද (06) අලුයම වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වී තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කිරීමට උත්සාහ කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථා දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk