2026-09-05 16:03 Hours

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා අනවසර හෝටල් ඇතුළු ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග


...

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ තීරය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන අනවසර හෝටල් ඇතුළු ඉදිකිරීම් සැප්තැම්බර් 10 වැනිදාට පෙර ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

සිළුමිණ ඉරිදා පුවත්පත වාර්තා කර ඇත්තේ, වෙරළ සංරක්ෂණ බලධාරීන් විසින් අදාළ අනවසර ඉදිකිරීම් සහ ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීම සඳහා එම නියෝගය නිකුත් කර ඇති බවයි.

වෙරළ කලාපය තුළ අවසරයකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් සහ පවත්වාගෙන යන ව්‍යාපාර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නියමිත කාලසීමාව තුළ අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk