2026-08-13 10:21:00 Hours

බහින්බස්වීමක් දුරදිග ගොස් ජපානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයි


...

ජපානයේ චිබා ප්‍රාන්තයේ දී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙම ඝාතනය ඔහු සමඟ ලැඟුම්හලේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදුකර ඇති බව වාර්තා වනවා.

දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාම සමඟ මෙම පහරදීම සිදුව ඇති බව එරට පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

සැකකාර 18 හැවිරිදි තරුණයා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන්ට සහ මවට සිදුකළ අපහාසයක් හේතුවෙන් ඇති වූ කෝපය පාලනය කරගත නොහැකිව මෙම පහරදීම සිදුකළ බවයි.

ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හමුවේ පාපෝච්චාරණයක්ද සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk