2026-08-13 11:07:00 Hours

ඩෙංගු මරණ 68ක් දක්වා ඉහළට


...

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 91,059 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 48,244කි. එය සමස්ත රෝගීන්ගෙන් 52.98%ක් වනවා.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 19,406කි. කොළඹින් රෝගීන් 18,101ක් සහ මහනුවරින් 6,491ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, මේ වසරේ මාසයකදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,971කි.

අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,714 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk