2026-08-13 12:21:00 Hours

එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති ලෙස පත්වෙයි


...

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් මහතා නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා.

වොෂින්ටන් නුවර පිහිටි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවති දිවුරුම් දීමේ උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය තහවුරු කර ඇති බව සඳහන්.

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලැන්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වී ඇති අතර, අනතුරුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශය නව තානාපතිවරයාට සුබපැතුම් එක්කර තිබෙනවා.

දකුණු සහ මධ්‍ය ආසියානු කලාපය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන එරික් මේයර් මහතා, තානාපති ධුරයට පත්වීමට පෙර එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බව වාර්තා වනවා.

අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම නව තානාපතිවරයාගේ ධුර කාලය තුළ ප්‍රමුඛ අවධානයක් යොමු කෙරෙන කරුණක් බවයි.

ආර්ථික සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව, යහපාලනය සහ සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවද එම කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

නව තානාපතිවරයා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පිළිගැනීමට සහ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවද අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk