2026-08-30 19:57:00 Hours

22 වන සංශෝධනයට පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්


...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙට (31) දිනයෙන් අවසන් වීමට නියමිතයි.

මේ වනවිට අදාළ පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 18 වනදා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීතිඥ සංගම් සහ සිවිල් සංවිධාන කිහිපයක්ද පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනුකර තිබෙනවා.

මේ අතර, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් පනත් කෙටුම්පතට පක්ෂව පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මේ අතර යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට විරෝධය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අදාළ සියලු වෘත්තීය සංවිධාන සමඟ එක්ව මෙම යෝජිත සංශෝධනයට එරෙහිව කටයුතු කිරීමට එම සංගම් නියෝජිතයන් එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk