2026-08-31 09:18 Hours
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.
ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගෙන තිබූ සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට පෙර අවස්ථාවක කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මහතාට දැනුම් දී තිබුණද, ඔහු එම අවස්ථාවේදී පැමිණ තිබුණේ නැහැ.
ඒ අනුව, පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවස වෙතද ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී ඔහු නිවසේ සිට නොමැති බව වාර්තා වුණා.
එහිදී සිය දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස රවී කරුණානායක මහතාගේ නීතිඥවරුන් මාර්ගයෙන් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව ලබාදුන් දැනුම්දීමට අනුව රවී කරුණානායක මහතා අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk