2026-08-31 09:41:00 Hours
යාපනය, නෙල්ලියාඩි ප්‍රදේශයේ විශ්‍රාමික රජයේ නිලධාරියෙකුගේ නිවසකට බීමත්ව ඇතුළු වී එහි දේපළවලට හානි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් නෙල්ලියාඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ගනේෂරූබන් නමැති මන්ත්‍රීවරයා සහ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකි.
ඊයේ (30) මධ්‍යම රාත්‍රියට ආසන්නයේ අධික ලෙස මත්පැන් පානය කර සිටි මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නෙල්ලියාඩි නගරයේ පිහිටි අදාළ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.
එහිදී නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියට හානි කර ඇති අතර, නිවසේ සිටි පුද්ගලයින්ට මරණ තර්ජන එල්ල කළ බවටද චෝදනා එල්ල වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව නෙල්ලියාඩි පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වනවා.
පසුව මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නෙල්ලියාඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk