2026-08-28 11:00:00 Hours

නිවාඩු දින දෙකකදී අධිවේගී මාර්ගවලින් කෝටි 12කට වැඩි ආදායමක්


...

පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග භාවිත කළ වාහනවලින් රුපියල් 124,574,925ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ ධාවනය වූ මුළු වාහන සංඛ්‍යාව 325,316ක්.

අගෝස්තු 26 වනදා වාහන 163,763ක් අධිවේගී මාර්ග භාවිත කර ඇති අතර, එදින උපයා ඇති ආදායම රුපියල් 60,409,995ක් බව සඳහන් වනවා.

අගෝස්තු 27 වනදා වාහන 161,553ක් ධාවනය වී ඇති අතර, එදින රුපියල් 64,164,930ක ආදායමක් උපයා තිබෙනවා.

මෙම දින දෙක තුළ වැඩිම වාහන ගමනාගමනයක් දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය වන E01 හා E02 අධිවේගී මාර්ග ඔස්සේ වාර්තා වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk