2026-08-28 20:28:00 Hours
මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 94,805 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 72ක් වාර්තා වී තිබෙනවා.
අගෝස්තු මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 9,469 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ජූලි මාසයේදී රෝගීන් 29,962ක් සහ ජුනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇත.
සමස්ත රෝගීන්ගෙන් සියයට 52.92ක් එනම් රෝගීන් 50,167 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව සඳහන්.
දකුණු පළාතෙන් රෝගීන් 13,823ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,624ක් වාර්තා වනවා.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 20,207කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,794ක්, මහනුවරින් 6,913ක්, කළුතරින් 6,117ක් සහ ගාල්ලෙන් 6,111ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk