2026-08-29 09:56:00 Hours

චීන ජාතිකයෙකු පැහැරගෙන ඝාතනය කළ සිද්ධියට තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට


...

කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (28) සීගිරිය ප්‍රදේශයේ අවන්හලක සැඟව සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබුණා.

පසුව ඔහුගේ මළ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබී පොලිසිය විසින් සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, සිද්ධියට සම්බන්ධ වී ප්‍රදේශයෙන් පළාගොස් සිටි සෙසු සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකර තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි චීන ජාතිකයින් තිදෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය මහජන සහයද ඉල්ලා තිබූ අතර, ඉන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk