2026-10-24 13:01:00 Hours

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම යළි ජාතික පද්ධතියට


...

පසුගියදා ඇති වූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ අක්‍රිය වූ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම යළි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟයි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම ක්‍රියා විරහිත වූණා.

එම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස නොරොච්චෝල බලාගාරය දින කිහිපයක් යනතුරු ජාතික පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම මීට පෙර සඳහන් කළා.

එවැනි හදිසි තත්ත්වයකදී අනුගමනය කරන සාමාන්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව එම පියවර ගත් බවයි එම සමාගම නිවේදනය කර තිබුණේ.

කෙසේ වෙතත්, මේ වන විට බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම යළි සක්‍රීය කර ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට කටයුතු කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk