2026-09-23 09:24:00 Hours
වැලිසර බන්ධනාගාරය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමඟ ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, පහරදීමෙන් සුළු තුවාල ලැබූ ‘කෙහෙල්බද්දර පද්මේ’ ප්‍රතිකාර සඳහා වැලිසර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටි බවයි.
අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk