2026-08-04 21:22:00 Hours
අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල ගොඩගැසී ඇති නඩු කටයුතු කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
2026 ජූලි 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාදුන් ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නිෂ්කාශනය ද ලැබී ඇති බව රජය සඳහන් කළා.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය මෙම අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk