2026-08-04 13:43:00 Hours
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව මෙම පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර මහතා, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් මුහුණ දුන් සිදුවීම් පිළිබඳව ඔහු මෙහිදී අදහස් දක්වනු ලැබුවා.
වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට සේවය කිරීම නතර කර ජනතාවට සහ රජයට සේවය කරන ලෙසයි.
“මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා ඉතිහාසගත වෙනවාට තමන් අකමැති බව” සාගර කාරියවසම් මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
මේ අනුව අදාළ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk