2026-08-04 12:57:00 Hours

දිස්ත්‍රික්ක 3කට නිකුත් කළ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කරයි


...

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නායයෑම් රතු නිවේදන හෙට (05) පෙරවරු 9.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් ප්‍රදේශ සඳහා මෙම රතු නිවේදන බලපැවැත්වෙන බවයි.

මේ අතර, අනතුරු ඇඟවීමේ දෙවන මට්ටම යටතේ මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල හා කුරුවිට ප්‍රදේශ සඳහා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk