2026-10-05 17:05:00 Hours

ඖෂධ පරිත්‍යාග ගැන අපේක්ෂා රෝහලෙන් විශේෂ දැනුම්දීමක්


...

මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස ඉල්ලමින් රෝහල විසින් කිසිදු මහජන ආයාචනයක්, දැන්වීමක් හෝ නිවේදනයක් නිකුත් කර නොමැති බව එම රෝහල පවසනවා.

රෝහලේ නිල වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඇතුළු කිසිදු පොදු මාධ්‍යයක් ඔස්සේ එවැනි දැන්වීම් පළ කර නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, රෝගී සත්කාර සඳහා අවශ්‍ය ඖෂධ, උපකරණ හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයන් සහ සංවිධාන සඳහා ඒ සඳහා අවස්ථාව පවතින බවද එම නිවේදනයේ සඳහන්.

එවැනි පරිත්‍යාග පිළිගැනීමේදී අදාළ නියාමන සහ ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් රෝහල විසින් අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන බවද එහි දැක්වෙනවා.

එමෙන්ම, පරිත්‍යාගශීලීන්ගේ විමසීම්වලට රෝහල විසින් ලබාදෙන තොරතුරු මහජනතාවගෙන් කරන ලද පරිත්‍යාග ඉල්ලීමක් ලෙස නොසලකන ලෙසද රෝහල වැඩිදුරටත් අවධාරණය කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk