2026-10-05 17:23:00 Hours
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඇතිවූ තත්ත්වය හේතුවෙන් පෞද්ගලික ඉන්ධන බෙදාහරින සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන හිඟයක් ඇතිවී තිබෙන බවයි.
නියමිත ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස දැනුම්දී තිබුණද, ඇතැම් සමාගම් එම උපදෙස් අනුව කටයුතු නොකරන බවද ඔහු ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ අනිද්දා (07) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, එහිදී ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීම ගැටලුවකින් තොරව සිදුවන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk