2026-10-07 12:10:00 Hours

දේශබන්දු ඇතුළු 8 දෙනෙකුට අධි චෝදනා භාරදෙයි


...

2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව අද (07) මාතර මහාධිකරණයේදී අධි චෝදනා භාරදී තිබෙනවා.

අදාළ නඩුව අද මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අටදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදුකර තිබෙනවා.

එහිදී සැකකරුවන් අටදෙනා එක් අයෙකුට රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

එම ශරීර ඇපකරුවන් සිව්දෙනා අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවටද ඇප කොන්දේසි පනවා තිබෙනවා.

නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන නොවැම්බර් 27 වැනිදා යළි කැඳවීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk