2026-10-24 21:59:00 Hours

ඉරාන නෞකාවේ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති අනුව කටයුතු කරනවා - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති


...

ඉරාන නෞකාවක සිටි පිරිසක් ගාල්ල වරායට පැමිණීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුතීන් සහ නීතිවලට අනුගතව අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

අද (24) මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් රජය අනුගමනය කළ යුතු ජාත්‍යන්තර සම්මුතීන් සහ නීති පවතින බවයි.

ඒ අතර ජාත්‍යන්තර සරණාගත නීති සහ සම්මුතීන්ද ඇතුළත් වන බව සඳහන් කළ ඔහු, අදාළ නීතිමය රාමුවට අනුගතව කටයුතු කර ඇති බව අවධාරණය කළා.

එම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර සම්මුතීන්ට සහ නීතිවලට අනුකූලව ගෙන ඇති බැවින් කිසිදු රටකට ගැටලුවක් ඇති නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා,

"ලංකාවට නැවක් හෝ මුහුදු මාර්ගයෙන් යම් කිසි පිරිසක් එනකොට අපි අනුගමනය කරන ජාත්‍යන්තර සම්මුතීන් සහ ජාත්‍යන්තර නීතින් තියෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර සරණාගතයන් සම්බන්ධව සම්මුතීන් තියෙනවා මේ සම්මුතීන් සහ නීතින් අනුව තමයි අපි වැඩ කරන්නේ.

ඒ නිසා එන අය මොන රටට අයත්ද, ඒ අයගේ ජාතිය මොකක්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නෑ අපි අන්තර්ජාතික සම්මුතීන් අනුව වැඩ කරගෙන යනවා ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

කිසිම රටකට ඒක ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. මේ දක්වා අපි වැඩ කරලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතීන් අනුව"



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk