2026-09-08 17:10:00 Hours
මේ වසර තුළ අධිවේගී මාර්ග කිහිපයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන සහ මහමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
ඒ අනුව, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලේවෙල කොටසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවා.
එමෙන්ම, කහතුඩුව සිට ඉංගිරිය දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද මෙම වසර අවසානයේදී ආරම්භ කිරීමට නියමිත බවද ඔහු කියා සිටියා.
මේ අතර අමාත්‍යවරයා සඳහන් කළේ කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.
අනුරාධපුරය කේන්ද්‍ර කරගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් ද අධ්‍යයනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
කඩවත සිට මීරිගම දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2028 වසරේ මැයි මාසය වනවිට අවසන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ වැඩ කටයුතු ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk