2026-07-15 08:53:00 Hours
අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අද (15) දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක ඩොලර් 86.19ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඊට අමතරව WTI බොරතෙල් බැරලයක ඩොලර් 80.40ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
වෙළෙඳපොල වාර්තා පෙන්වා දෙන්නේ ජුනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම අගය බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් සැපයුම අඬාල වීම මෙයට ප්‍රධානතම හේතුව තිබෙනවා.
මෙම සමුද්‍ර සන්ධිය හරහා ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක්ම ප්‍රවාහනය කෙරෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk