2026-07-16 15:00:00 Hours
හෝමුස් සමුද්‍රසන්ධියෙන් පසුව රතු මුහුද සහ ඉන්දීය සාගරය යා කරන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධිය ද අවහිර කිරීම සඳහා ඉරානය පියවර ගනිමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තාවල දැක්වෙන්නේ, ඒ සඳහා ඉරානයට මිත්‍ර යේමනයේ හූති කැරලිකරුවන් යොදා ගැනීමේ සූදානමක් පවතින බවයි.
සෞදි අරාබියේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධන ආසියානු කලාපය වෙත ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන නාවික මාර්ගයක් වන්නේ රතු මුහුද ඔස්සේ සිදුවන ගමනාගමනයයි. එම නිසා බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධියට බාධා එල්ල වුවහොත් ගෝලීය ඉන්ධන සැපයුම් දාමයට තවත් දැඩි බලපෑමක් ඇති විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මේ අතර, හෝමුස් සමුද්‍රසන්ධිය ආශ්‍රිත අර්බුදය හේතුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.
ඒ අනුව අඛණ්ඩව පස්වැනි දිනටත් අමෙරිකාව ඊයේ (15) ඉරානය වෙත ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය ආසන්නයේ පනවා තිබූ නාවික බාධකය උල්ලංඝනය කරමින් ඉරාන වරායක් වෙත ගමන් කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වෙඩි තබා නතර කිරීමට අමෙරිකානු මධ්‍යම විධානය කටයුතු කර ඇති බව ද එම වාර්තාවල සඳහන්.
අනෙක් අතට, ඉරානය කුවේට් සහ බහරේන් ඇතුළු අසල්වැසි රටවලට තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වන අතර, ළමා පිළිකා රෝහලක් සහ සෙම්නාන් ගුවන් තොටුපොළ ඇතුළු සිවිල් ඉලක්ක වෙත අමෙරිකාව ප්‍රහාර එල්ල කරන බවට ඉරානය චෝදනා කරනවා.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සාමකාමී එකඟතාවකට පැමිණීමට දැඩි උනන්දුවක් දක්වන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk