2026-07-16 09:19 Hours
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඊයේ (15) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක් ICC සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමි වන බවයි.
පසුගිය මැයි මසදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ ශම්මි සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සමඟ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් පරිපාලනය සිදුකරගෙන යාම සඳහා පරිවර්ථන කමිටුවක් පත් කිරීමට කටයුතු කළා.
කෙසේ නමුත් එම පරිවර්ථන කමිටුව පත් කිරීමෙන් පසුව ජුනි මස පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රැස්වීම් නියෝජනය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තත්ත්වය සම්බන්ධව ජුලි මසදී පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමාජික රැස්වීමේ දී ද අවධානය යොමුව තිබුණා.
එහිදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සංශෝධිත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවයි.
කෙසේ වෙතත් නිලවරණය පවත්වන තෙක් ICC සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමි වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk