2026-07-16 10:14:00 Hours
බ්‍රිතාන්‍ය රජය විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඊට අනුබද්ධ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ රාජ්‍ය තර්ජන මර්දන පනත යටතේ මෙම නම් කිරීම සිදු ඇත.
බ්‍රිතාන්‍යයේ මෙම තීන්දුව සම්බන්ධව ඉරානයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා ඒ සම්බන්ධව සිය විරෝධය පළකර තිබෙනවා.
පසුගිය මාස කිහිපය තුළ යුරෝපය පුරා ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය විසින් සිය සටන්කාමී කණ්ඩායම් මෙහෙයවා ඇති බව බ්‍රිතාන්‍ය රජය චෝදනා කරනවා.
අදාළ චෝදනාව මත පදනම්ව ලන්ඩන් නුවර සිටින ඉරාන තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී අලි නසීම්ෆර් කැඳවීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබුණා.
ඉරානය විසින් බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඇත්තේ ඉන් දිනකට පසුවයි.
විදේශීය රාජ්‍යයන්ගේ ඔත්තු බැලීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැළැක්වීමේ අරමුණින් බ්‍රිතාන්‍යය නව බලතල සහිත පනතක් ක්‍රියාත්මක කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම පියවර හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් උණුසුම් වී ඇති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk