2026-07-21 22:39:00 Hours
එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ඇන්ඩි බර්නම් මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමෙන් අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවන බවයි.
එමෙන්ම, පොදු අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
දෙරටේම ජනතාවගේ යහපත උදෙසා ඉදිරියේදී සමීපව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් සඳහන් කර ඇත.
ඇන්ඩි බර්නම් මහතා පසුගිය දශකය තුළ එක්සත් රාජධානියේ හත්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (20) සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk