2026-07-17 08:28:00 Hours

හිටපු පොලිස්පති සී.ඩී. වෙඩි වැදී මරුට - සියදිවි හානි කර ගැනීමක් දැයි සැක?


...

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (17) අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස තුළ වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් අනතුරුව ඔහු වහාම මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගියද, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම වෙඩි තැබීම සියදිවි නසාගැනීමක් විය හැකි බවට සැක පළ කරන බව පොලිසිය ප්‍රකාශ කළ අතර, සිද්ධියට අදාළව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයට දායකත්වය ලබාදුන් සී.ඩී. වික්‍රමරත්න මහතා 2020 නොවැම්බර් මාසයේදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු අතර, 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස නිල වශයෙන් පත් කෙරුණා.

ඔහුගේ ධුර කාලය තුළ කොවිඩ්-19 වසංගතය, රට පුරා පැවති අරගල විරෝධතා ඇතුළු අභියෝගාත්මක අවස්ථා රැසකදී ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයවීම ඔහුගේ සේවා කාලයේ කැපී පෙනෙන සිදුවීමක් ලෙස සැලකෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk