2026-07-20 08:21 Hours
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන මහා තරඟයේ දී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1 - 0ක් ලෙස පරාජයට පත් කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම අද (20) අළුයම සමත් වුණා.
අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි MetLife Stadium හිදී පැවැති මෙම තියුණු තරඟයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට සමත් වූයේ නැහැ.
ඒ අනුව තරඟයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී ගියා.
ලබාදුන් අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩක ෆෙරාන් ටෝරස් ලබාගත් සුපිරි ගෝලයත් සමඟ ස්පාඤ්ඤ කණ්ඩායම තරඟයේ පෙරමුණ ලබාගනු ලැබුවා.
VAR තාක්ෂණය ඔස්සේ පරික්ෂා කිරීමෙන් අනතුරුව එම ගෝලය නිල වශයෙන් තහවුරු කෙරුණා.
මෙම තරඟයේ 90 + 3 වන මිනිත්තුවේ දී ආර්ජන්ටිනා මධ්‍යපෙල ක්‍රීඩක එන්ෆෝ ෆර්නැන්ඩස් දෙවන කහ කාඩ්පත ලබා ගනිමින් පිටියෙන් ඉවත් කරනු ලැබුවා.
එම නිසා අතිරේක කාලය පුරාම ආර්ජන්ටිනාවට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් තරඟ කිරීමට සිදුවුණා.
තරඟය පුරා ලියොනෙල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ගෝලයක් ලබා ගැනීමේ උත්සාහයන් කිහිපයක්ම ගත්තද ස්පාඤ්ඤ ආරක්ෂක පෙළ සහ ගෝල රකින්නා අභිබවා යාමට ඔවුන්ට හැකිවුයේ නැහැ.
2010 වසරේ දකුණු අප්‍රිකාවේ දී ප්‍රථමවරට ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤ වසර 16ක පසුව ඔවුන්ගේ දෙවන FIFA ලෝක කුසලාන කිරුළ මෙලෙස දිනාගැනීමට සමත් වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk