2026-07-21 14:17 Hours
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
හෝමාගම පොලීසිය පවසන්නේ මේ වන විට ගින්න පාලනය කරමින් පවතින බවයි.
ගින්නට සිරවූ පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
අද (21) උදෑසන මෙම ගින්න හටගෙන තිබූ අතර අදාළ අවස්ථාවේ සේවකයින් 80 කට අධික පිරිසක් එම ස්ථානයේ සිට ඇති බව සඳහන්.
මේ වන විට ඔවුන් සිරවී ඇත්දැයි සොයා මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.
හෝමාගම පොලීසිය පැවසුවේ ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk