2026-07-22 15:40:00 Hours

පුනර්ජනනීය විදුලි මිල තීරණයට මහජන අදහස් ලබා ගැනීමේ අවසන් දිනය අද


...

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආශ්‍රිතව ජනනය කරන විදුලිය මිලදී ගැනීමේ මිල තීරණය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම අද (22) අවසන් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කරන්නේ එම අදහස් පදනම් කරගනිමින් ඉදිරි මාස 6 සඳහා පුනර්ජනනීය විදුලිය මිල තීරණය කිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා විදුලිබල ප්‍රතිසංස්කරණ පනත අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආශ්‍රිතව ජනනය කරන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම් වෙත මිලදී ගැනීමේ දී අදාළ මිල සහ මිල සුත්‍රය තීරණය කිරීම හා අනුමත කිරීමේ බලය මහජන උපයෝගීතා කොමිසම වෙත පැවරී තිබෙනවා.

මේ අනුව සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කරන විදුලිය මිලදී ගැනීම සඳහා අදාළ මිල සුත්‍ර සකස් කර අනුමත කර ඇති බවද ඔහු පැවසුවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම මිල සුත්‍ර අනුව විදුලි මිල ගණන් තීරණය කිරීම සම්බන්ධව මාස දෙකකට පමණ පෙර මහජන උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර එහි විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කර අවශ්‍ය දත්ත ලබාගෙන ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk