2026-07-21 19:09:00 Hours
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායු සමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
2026 වසරේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 49ත් 54ත් අතර ප්‍රමාණයකින් යුත් Standard මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 14400ක අයවැය ප්‍රතිපාදන වෙන්කර තිබූ බව සඳහන්.
කෙසේ වෙතත් 2025 සහ 2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මඟී ප්‍රවාහන බස්රථ සඳහා නව ආරක්‍ෂිත පිරිවිතර හඳුන්වා දී තිබුණා.
මේ අනුව නගරාන්තර සහ දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ යොදවා ගත යුතු බවට හඳුනාගෙන ඇති බවත් දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ Standard මාදිලියේ බස් රථ 600ක් වෙනුවට වඩාත් සුවපහසු Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට ඉදිරි පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk