2026-07-22 08:51 Hours

ශ්‍රී ලංකාවේ ඇළක් මත ඉදිවෙන ප්‍රථම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මහියංගනයෙන් ඇරඹෙයි


...

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇළ මාර්ගයක් මත ඉදිකිරීමට නියමිත ‘Canal-Top Solar’ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනය මහියංගනයේ වියානා ඇළ ආශ්‍රිතව සිදුකර තිබෙනවා.

කිලෝමීටර් 20කට අධික දිගකින් යුත් වියානා ඇළ, ජාතික විදුලි පද්ධතියට සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් එක් කිරීමේ හැකියාව සහ වසරේ වැඩි කාලයක් පවතින ප්‍රශස්ත සූර්යාලෝකය සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ඇළ මාර්ගය මත සූර්ය පැනල ස්ථාපනය කිරීමෙන් ජල වාෂ්පීභවනය අවම කිරීම, ජල උෂ්ණත්වය යෝග්‍ය මට්ටමක පවත්වා ගැනීම සහ හරිත හයිඩ්‍රජන් වැනි නවීන බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම අපේක්ෂා කරනවා.

එමෙන්ම, ව්‍යාපෘතියට ආරක්ෂිත විදුලි අලි වැටක්ද ඇතුළත් වන අතර, වන අලින් ඇළට වැටීමේ අවදානම අවම කිරීම සඳහාද එය දායක වන බව සඳහන්.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය පිරිසිදු විදුලිය නිපදවීම පමණක් නොව ජල සම්පත් සංරක්ෂණය, වන අලි ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහාද වැදගත් පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ව්‍යාපෘතියට අදාළ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පසුගිය 20 වැනිදා මහියංගනයේදී පැවැත්වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk